නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 03) පුත්තලම, දළුව මුහුදු ප්‍රදේශයේදී සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දහදෙනෙකු (10) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් අවුරුදු 30 ත් 57 ත් අතර වයසැති හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 03 ක්, පිටත දහන යන්ත්‍ර 03 ක් සහ ජෙනරේටර් 03ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, ජෙනරේටර් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.