ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිතුමා උතුරු ප්‍රදේශභාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු එරික් ලෙවර්ටු මහතා පසුගිය අප්‍රේල් 02 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධව සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු බන්දුල සේනාරත්න ද සහභාගී විය.