“සෙනෙහස ගමට” වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු පරිශ්‍ර‍යේදී

“සෙනෙහස ගමට” වැඩසටහන ය‍ටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පදිංචි රණවිරු පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෛද්‍ය කඳවුරක් අද (අප්‍රේල් 04) ත්‍රිකුණාමලය, නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුලදී පැවැත්වීම‍ට කටයුතු කරන ලද අතර, මෙම වැඩසටහන “සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය” (SERRIC) මඟින් සංවිධානය කරන ලදි.

එහිදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පදිංචි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ත්‍රිවිධ හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් විශාල පිරිසක් හට වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව උදා විය. තවද, මෙම සත්කාර්යය සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂක ජෙනරාල් සෞඛ්‍ය හා සේවා, වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන ගේ උපදෙස් මත නාවික හමුදා වෛද්‍යවරුන් සහ වෛද්‍ය සහයක නාවිකයන් පිරිසක් ද සිය දායකත්වය සපයන ලදී.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, නියෝජ්‍ය ආඥාපතිතුමා ඇතුළු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගීවි සිටියහ.