වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 04) කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා කල්පිටිය, උච්චමුනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයා, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.