හක් බෙල්ලන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදා තොරතුරකට අනුව කලමැටිය වනජිවි අඩවි ආරක්‍ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් පිරිසක් අද (අප්‍රේල් 07) හම්බන්තොට, කහදා මෝදර ප්‍රදේශයේදී හක් බෙල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. එහිදී විවිධ වර්ගයේ හක් බෙල්ලන් 184 ක් සොයා ගෙන ඇති අතර, ඒවා අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස නිවසේ තබාගෙන සිටියදි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා හම්බන්තොට, කහදා මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 49 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් හක් බෙල්ලන් සහ පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු වනජිවි අඩවි ආරක්‍ෂක කාර්යාලය මඟින් සිදු කරනු ලබයි.