ඉන්දියානු නාවික නෞකා ‘කෝරා දිව්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ත්‍රිකුණාමලය වරායට ඊයේ (අප්‍රේල් 07) සේන්දු වූ ඉන්දියානු නාවික නෞකා ‘කෝරා දිව්’ නෞකාව අද (අප්‍රේල් 08) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.