‘Jet Ski Championship - Navy Cup 2019’ ඉතා උත්කර්ෂවත් අයුරින් නිමා වේ

නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් හයවන වරටත් සංවිධානය කරනු ලැබු ‘Jet Ski Championship - Navy Cup 2019’ පසුගිය අප්‍රේල් 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ ජල ක්‍රීඩාවක් වන ‘Jet Ski’ ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම හා අප්‍රේල් උත්සව සමයේදී සංචාරකයින්ගේ වැඩි ආකර්ශනයක් ලබා ගැනීම අරමුණු කරගනිමින් ‘Jet Ski’ ක්‍රිඩාව ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන පාර්ශවකරු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම ශූරතාවලිය සංවිධානය කරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ ‘Jet Ski’ ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා වන එකම ශූරතාවලිය ද මෙය ලෙස හැඳින්විය හැක.

තවද, මෙවර තරඟාවලියේදී ‘Jet Ski’ අශ්ව බල 130 සිට 300 දක්වා වූ ‘Slalom’, ‘Drag’සහ ප්‍රවීණයන්ගේ අංශය ආදි වූ තරඟ ඉසව් රැසක් පැවැති අතර, ඒ සඳහා මෙවර ද දිවයිනේ නන් දෙසින් පැමිණි ක්‍රීඩකයින් විශාල පිරිසක් සහභාගීවි සිටියහ. එමෙන්ම මෙවර පළමු වරට ‘Jet Ski’ තරඟාවලියේදී කාන්තා ඉසව්වක් ද පැවැත්විමට කටයුතු යොදා තිබූ අතර, ඒ සඳහා ද ක්‍රීඩිකාවන් උද්යෝගයෙන් යුතුව සහභාගිවී සිටි අතර, එය ‘Jet Ski’ තරඟාවලයේ සුවිශේෂි අවස්ථාවක් විය.

මිට අමතරව Rowing, ‘Dragor Boats’, ‘Power Boats’, Kayak යන තරඟ ඉසව් ද නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය විසින් සංවිධානය කර තිබූ අතර, ඒ අනුව තරඟාවලියේදී පහත ක්‍රිඩකයින් ජයග්‍රහන වාර්තා කරන ලදී.

ජෙට් ස්කී අශ්ව බල 130 දක්වා වූ ‘Drag’ තරඟ අංශය
ප්‍රථම ස්ථානය - ඒඑම්කේ අධිකාරි
දෙවන ස්ථානය - කේඒඑන්ඩී කොඩිකාර
තෙවන ස්ථානය - එල්පීඑස් කුමාර
     
ජෙට් ස්කී අශ්ව බල 260 දක්වා වූ ‘Drag’ තරඟ අංශය
ප්‍රථම ස්ථානය - ජේඒපීකේ ජයසිංහ
දෙවන ස්ථානය - ඩබ්එම් දුලාජ් චතුරංග
තෙවන ස්ථානය - ඩබ්එච්එම්ඩී විජේකෝන්
     
ජෙට් ස්කී අශ්ව බල 300 දක්වා වූ ‘Drag’ තරඟ අංශය
ප්‍රථම ස්ථානය - ජනිත් වික්‍රමරත්න
දෙවන ස්ථානය - ඩබ්එම්ආර් කුමාර
තෙවන ස්ථානය - එච්එම්වීඑස්වී කුමාර
     
ජෙට් ස්කී අශ්ව බල 130 දක්වා වූ ‘Slalom’ තරඟ අංශය
ප්‍රථම ස්ථානය - ජේඒපීකේ ජයසිංහ
දෙවන ස්ථානය - එස්අයිඑස් කුමාර
තෙවන ස්ථානය - දූලින ද සිල්වා
     
ජෙට් ස්කී අශ්ව බල 260 දක්වා වූ ‘Slalom’ තරඟ අංශය
ප්‍රථම ස්ථානය - ඩබ්එච්එම්ඩී විජේකෝන්
දෙවන ස්ථානය - එස්අයිඑස් කුමාර
තෙවන ස්ථානය - එල්පීඑස් කුමාර
     
ජෙට් ස්කී අශ්ව බල 300 දක්වා වූ ‘Slalom’ තරඟ අංශය
ප්‍රථම ස්ථානය - ඩබ්එච්එම්ඩී විජේකෝන්
දෙවන ස්ථානය - ජනිත් වික්‍රමරත්න
තෙවන ස්ථානය - ඒඑම්කේ අධිකාරි
     
ජෙට් ස්කී ‘Drag’ කාන්තා තරඟ අංශය (විවෘත)
ප්‍රථම ස්ථානය - ආර්ඒඅයි මධුෂානි
දෙවන ස්ථානය - කේපී විජේනායක
තෙවන ස්ථානය - කේඩබ් වැලිකල
     
ජෙට් ස්කී ‘Slalom’ කාන්තා තරඟ අංශය (විවෘත)
ප්‍රථම ස්ථානය - ආර්ඒඅයි මධුෂානි
දෙවන ස්ථානය - කේඒසී කරුණාරත්න
තෙවන ස්ථානය - කේඩබ් වැලිකල
     
ජෙට් ස්කී ප්‍රවීණයන් සඳහා පැවැත් වූ තරඟාවලිය
ප්‍රථම ස්ථානය - ඒබී ධනපාල
දෙවන ස්ථානය - ටීපී විරසිංහ
තෙවන ස්ථානය - සුපෙම් ද සිල්වා
     
නාවික කුසලාන ජෙට් ස්කී 2019 ශූරතාවය
- ඩබ්එච්එම්ඩී විජේකෝන්
     

එමෙන්ම, මෙම තරඟ ඉසව්වලට අමතරව ක්‍රීඩා උළෙල වර්ණවත් කරමින් ශ්‍රිලංකා නාවික හමුදා සාමාජිකයන් විසින් ජල ක්‍රීඩා සංදර්ශනයක් ද පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරු සහ නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතයේ සභාපති, කොමදෝරු අනුර ධනපාල මෙන්ම නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් පිරිසක් ද සහභාගී වී සිටියහ.