වැදගත් සිදුවීම්

නීති විරෝධී මත්පැන් ලිටර් 420 ක් නාවික හමුදාව භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ වාකරේ, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද (අප්‍රේල් 08) පනිච්චන් කර්නි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දේශිය ‍මත්පැන් ලිටර් 420 ක් (බැරල් 02) සෙයා ගැනීමට සමත්ව ඇති අතර, නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු වාකරේ, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

08 Apr 2019

හෙරොයින් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ත්‍රිකුණාමලය, දුෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් එක්ව අද (අප්‍රේල් 08) මරතඩි හන්දිය සහ තලෙයිනගර් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි හෙරොයින් මිලි ග්‍රෑම් 161 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

08 Apr 2019

අවසරපත් නොමැතිව වැලි ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කින්නියා පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද (අප්‍රේල් 08) කින්නියා, මයිලප්පන්චේනේ ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 Apr 2019

ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ඒකක ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා‍වේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ඒකක ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් පොඩාලි ශංකර් රාජේශ්වර් අද (අප්‍රේල් 08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.

08 Apr 2019

‘Jet Ski Championship - Navy Cup 2019’ ඉතා උත්කර්ෂවත් අයුරින් නිමා වේ

නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් හයවන වරටත් සංවිධානය කරනු ලැබු ‘Jet Ski Championship - Navy Cup 2019’ පසුගිය අප්‍රේල් 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

08 Apr 2019

ඉන්දියානු නාවික නෞකා ‘කෝරා දිව්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ත්‍රිකුණාමලය වරායට ඊයේ (අප්‍රේල් 07) සේන්දු වූ ඉන්දියානු නාවික නෞකා ‘කෝරා දිව්’ නෞකාව අද (අප්‍රේල් 08) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය.

08 Apr 2019

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 08) සල්ලියම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

08 Apr 2019

මුහුදේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

ත්‍රිකුණාමලය, කොඩ්බේ ධීවර වරාය පරිශ්‍රයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් ඊයේ (අප්‍රේල් 07) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව ඊයේ රාත්‍රියේ එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

08 Apr 2019

උල්ලක්කලෙයි කළපු ප්‍රදේශයේ එලාතිබූ තහනම් ධීවර දැල් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 07) උල්ලක්කලෙයි, කළපු ප්‍රදේශයේ දී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ අඩි 150 ක දිගකින් යුත් තහනම් දැල් 09 ක් නාවික හමුදාභාරයට ගෙන ඇත.

08 Apr 2019

ගාල්ල දෙවැට ප්‍රදේශයේ සිමෙන්ති කම්හලක් පිටුපස ඉලුක් ගාලක ඇතිවූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

ගාල්ල දෙවැට ප්‍රදේශයේ සිමෙන්ති කම්හලක් පිටුපස ඉලුක් ගාලක් හදිසියේ ගින්නක් හටගෙන ඇති අතර, එම ගින්න කෙමෙන් කෙමෙන් සිමෙන්ති කම්හල දෙසට ව්‍යාප්ත වන බවට සිමෙන්ති කම්හලේ ආරක්‍ෂක නිලධාරීන් විසින් අද (අප්‍රේල් 07) නාවික හමුදාව වෙත කළ දැනුම් දීමකට අනුව ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂින ආයතනයට අනුයුක්ත ගිනි නිවීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත යැවීමට කටයුකු කෙරිණි.

08 Apr 2019