ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ඒකක ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා‍වේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ඒකක ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් පොඩාලි ශංකර් රාජේශ්වර් අද (අප්‍රේල් 08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.

ඉන් අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී ශේකර් මිෂ්රා ද සහභාගි විය.