අවසරපත් නොමැතිව වැලි ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කින්නියා පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද (අප්‍රේල් 08) කින්නියා, මයිලප්පන්චේනේ ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 31 ක වන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඔහු විසින් ප්‍රවාහනය කරමින් සිටි වැලි කියුබ් එකකට ආසන්න ප්‍රමාණයක් සමඟ ට්‍රැක්ටර් රථයක් නාවික හමුදාභාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයා හා වැලි පිරවූ ට්‍රැක්ටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කින්නියා, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.