කොමදෝරු අනුර ධනපාල ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

කොමදෝරු අනුර ධනපාල දකුණු නාවික විධානය භාර නියොජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති වශයෙන් අද (අප්‍රේල් 09) වැඩ භාර ගන්නා ලදී. හිටපු දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති, කොමදෝරු රංජිත් ප්‍රේමරත්න විසින් සිය ධූරයන්හි රාජකාරීන් කොමදෝරු අනුර ධනපාල වෙත නිසියාකාරව භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නියෝජ්‍ය ආඥාපතිවරුන් දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර හමුවී සුහද පිළිසඳරක නිරත වූ අතර, අනතුරුව වසර 34 ක කිර්තිමත් සේවා කාලයක් නිම කරමින් අද දින විශ්‍රාම යන කොමදෝරු රංජිත් ප්‍රේමරත්න හට සහෘද නිලධාරීන් සුභ පැතිමෙන් පසු සම්මාන මුරයක් මඟින් ආචාරය පිරිනමමින් සමුදීම සිදු කෙරුණි. මෙම අවස්ථාව සඳහා දකුණු විධානයේ ‍ආඥාපති තුමන් ඇතුළුව ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති වශයෙන් රාජකාරි භාර ගැනීම

දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති වශයෙන් රාජකාරි භාර ගැනීම