මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 10) ගාන්දිනගර් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ගල් පතුරක් තුළ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි මෙම පුපුරණ ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී, ජෙලට්නයිට් කූරු 12 ක් (කිලෝගෑම් 1.7), විදුලි නොවන ඩෙටනේටර් 08 ක් සහ අඩි 3 ක් පමණ දිගැති ආරක‍්‍ෂිත වෙඩි නූලක් සොයා ගන්නා ලදි. එම පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා කුච්චවේලි පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.