නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 10) කාර්තිව්, පේරියආරච්චල් සහ උච්චමුනිය මුහුදු ප්‍රදේශයන්හිදි නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි සැක කටයුතු ලෙස ධීවර කටයුතු වල නිරත වූ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ ඔරු දෙකක් (02) සමඟ පුද්ගලයින් 10 දෙනෙකු පරික්‍ෂා කර ඇති අතර, එහිදී එම පුද්ගලයින් හට හිමි වලංගු ධීවර අවසරපත් ඉදිරිපත් කිරීමට අපොහොසත්වි ඇත. එබැවින් මෙම පුද්ගලයින් සහ ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් මිගමුව සහ කල්පිටිය ප්‍රදේශයන්හි පදිංචි වයස් අවුරුදු 20 සහ 51 අතර පසුවන පුද්ගලයින් බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, ඔරු, පිටත දහන යන්ත්‍ර සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුත කරන ලදි.