තවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් එරාවුර්හිදි සාර්ථකව නිමා කෙරේ

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් පසුගිය අප්‍රේල් 10 වන දින එරාවුර් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ සාර්ථකව නිමාවට පත් වන ලදී.

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනට සමගාමිව නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු රාශියක් දිප ව්‍යාප්තව සංවිධානය කර ඇති අතර, මේවන විට මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් ආවරණය වන පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටි. ඒ අනුව එරාවුර් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ එරාවූර් 6 ඩී, එරාවූර් 2 සී, එරාවූර් 1 බී, මීරන්කරනි සහ එරාවූර් 03 යන ප්‍රදේශයන්හි ග්‍රාමිය ප්‍රජාව සහ පාසල් දු දරුවන් දැනුවත් කරන ලදී.

මෙම වැඩමුළු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් සහ මනෝ විද්‍යා උපදේශන නිලධාරින් ඇතුළු නාවිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ ප්‍රදේශයේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධනවල ක්‍රියාකාරි සාමාජිකයින් ද සිය දායකත්වය ලබා දෙනු ලබයි.