අලුත් අවුරුදු පැළ සිටුවීමේ චාරිත්‍රයට සමගාමිව පැළ සිටුවීමේ වැඩසටහන් රැසක් නාවික හමුදාව සංවිධානය කරයි

අලුත් අවුරුදු පැළ සිටුවීමේ චාරිත්‍රයට සමගාමිව ඊයේ (අප්‍රේල් 15) නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන් තුළ පැළ සිටුවීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උදාර සංකල්පයක් මත මෙවර අලුත් අවුරුදු නැකත් අතරට පැළ සිටුවිමේ චාරිත්‍රයක් එක් කර තිබූ අතර, ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ඊයේ නැගෙනහිර නාවික විධානයට අයත් නාවික අනුඛණ්ඩ ‘දිගම්පතාන’ හිදි පැළයක් රෝපණය කර පැළ සිටුවීමේ වැඩසටහන නාවික හමුදාව තුළ ක්‍රියාත්මක කරන ලදී. එයට සමගාමීව සියළුම නාවික විධානයන්ට අයත් ආයතනයන්හිදි පැළ සිටුවීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. ඒ අනුව සෑම නාවික පුද්ගලයෙකුම පැළයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට සිය දායකත්වය ලබා දෙන ලදී.

පරිසරය සුරැකීම හා වන සම්පත ආරක්ෂා කිරීම සඳහා නිරන්තර කැපවීමෙන් හා අවධානයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාව, පරිසර හිතකාමි ව්‍යාපෘති යටතේ පසුගිය වර්ෂයේදීද රුක් රෝපණ වැඩසටහන් රාශියක් දිවයින පුරා පිහිටි නාවික කඳවුරු පරිශ්‍රයන් තුළ ක්‍රියාත්මක කරන ලද අතර, අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් වන ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ ඉදිරියේදීත් රුක් රෝපණ වැඩසටහන් නාවික හමුදා පරිශ්‍රයන් තුළ සිදු කිරීමට නාවික හමුදාව සැලසුම් කර ඇත.


නැගෙනහිර නාවික විධානයේ පැළ සිටුවීම


බටහිර නාවික විධානයේ පැළ සිටුවීම


දකුණු නාවික විධානයේ පැළ සිටුවීම


උතුරු නාවික විධානයේ පැළ සිටුවීම


උතුරු මැද නාවික විධානයේ පැළ සිටුවීම


වයඹ නාවික විධානයේ පැළ සිටුවීම


ගිණිකොන නාවික විධානයේ පැළ සිටුවීම