ග්‍රෙගරි වැවේ ‘Jet Ski’ යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිනිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අද (අප්‍රේල් 19) බේරා ගැනීමට සමත් විය.

මෙම වසන්ත සමයේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි මෙම පුද්ගලයින් දෙදෙනා විනෝදය පිනිස ග්‍රෙගරි වැව් පරිශ්‍රයේ පැවැත්වෙන ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී එම යාත්‍රාවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව යාත්‍රාව පෙරලීමෙන් අනතුරට පත්ව ඇත. එහිදී එම පුද්ගලයින් නිරීක්‍ෂණය කළ ග්‍රෙගරි වැව් පරිශ්‍රය අවට ජිවිතාරක්‍ෂක රාජකාරියෙහි නියුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්‍ෂක නාවිකයින් පිරිසක් විසින් ක්‍ෂණිකව ක්‍රියාත්මක වී එම පුද්ගලයින් දෙදෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.

මෙසේ ‍බේරා ගනු ලැබු පුද්ගලයින් බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 28 සහ 21 ක් වයැසැති පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු වේ.