නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 181 ක් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 20) මඩකළපුව, කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 181 සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, නාවික හමුදාව විසින් අද මඩකළපුව, කළපු ප්‍රදේශයෙ ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්වූ අතර, අදාල ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍ය‍‍‍‍‍‍ක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.