වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 22) මන්ඩතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු නාවික විධානයට අයත් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ මන්ඩතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවිම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 20, 25, 32, 38 සහ 40 වන වියෙහි පසුවන සුළිපුරම් සහ පාසූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්ඩතිව්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, අත්අඩංගුවට ගත් ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර සහ අනෙකුත් ධීවර ආම්පන්න ශ්‍රී ලංකා නාවික නෞකා වෙළුසුමන ආයතනය තුල සුරක්‍ෂිත ලෙස ගබඩා කර තැබිමට කටයුතු කරන ලදී.