නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 24) පුත්තලම කළපුව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ පුත්තලම කළපුව ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිවීම සහ නීති විරෝධි දැල් භාවිතා කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් යාත්‍රාවක්, නීති විරෝධී දැල් 06 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 07 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 31සහ 32 වන වියෙහි පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන්, යාත්‍රාව, නීති විරෝධී දැල්, අල්ලන ලද මසුන් ‍සහ අනෙකුත් ධීවර ආම්පන්න පුත්තලම, ධිවර පරික්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.