වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 25) කච්චතිව් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ කච්චතිව් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස ධීවර කටයුතුවල නිරත වූ යාත්‍රා දෙකක් නිරික්‍ෂණය කර ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික පුද්ගලයින් ‍එම යාත්‍රා දෙක පරික්‍ෂාවට ලක් කරන ලදි. එහිදී එම පුද්ගලයින් හට වලංගු ධීවර අවසරපත් ඉදිරිපත් කිරීමට නොහැකි වි ඇති අතර, එබැවින් මෙම පුද්ගලයින් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාවක්, ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ධීවර යාත්‍රා, ධීවර දැල් ‍සහ අනෙකුත් ධීවර ආම්පන්න ඩෙල්ෆ්, පොලිසිය වෙත භාරදිමට කටයුතු කෙරුණි.