දේශිය ගංජා මිලිග්‍රෑම් 700 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 26) ත්‍රිකුණාමලය, කිල්ලිවෙඩ්ඩි ප්‍රදේශයේදී දේශිය ගංජා මිලිග්‍රෑම් 700 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ත්‍රිකුණාමලය, කිල්ලිවෙඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී දේශිය ගංජා මිලිග්‍රෑම් 700 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ වෑන් රථය තුළ මෙම ගංජා සඟවා තිබියදි සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 22 ක් වන මඩකළපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, වෑන් රථය සහ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා මුතුර්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.