නීති විරෝධී මත්පැන් ලිටර් 80 ක් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 26) ජින්නපුරම් වෙරළ ප්‍රදේශයේදී දේශිය මත්පැන් ලිටර් 80 ක් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් අද ජින්නපුරම් වෙරළ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වෙරළ තීරයේ සඟවා තිබූ නීති විරෝධී දේශිය ‍මත්පැන් ලිටර් 80 ක් සෙයා ගැනීමට සමත්ව ඇති අතර, එහිදී, ප්ලාස්ටික් කෑන් 04 ක්, බැරල් 02 ක් සහ මත්පැන් සැදිම සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19,32, 57, 64, 65 සහ 75 යන වයස්වල පසුවන වාකරේ, ලංකාපටුන, මදුරම්කුඩ සහ පුල්මුඩේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, දේශිය මත්පැන් තොගය සහ අනෙකුත් උපකරණ සම්බන්ධයෙන් ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා පුල්මුඩේ, පොලිසිය වෙත භාර දිමට කටයුතු කෙරුණි.