නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (අප්‍රේල් 30) ත්‍රිකුණාමලය ඡයසුමනාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි.

සේරුවිල සරණකිත්ති හිමිපාණන් අපවත් වී තෙවසරක් සපිරීම නිමිත්තෙන් පවත්වන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහගේ මගපෙන්වීම යටතේ පැවැත්වීය. ඒ සඳහා නාවික පුද්ගලයින් 58 කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කිරීමට එක්වී සිටියහ.