කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.2 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 06) වත්තිරයන් ප්‍රදේශ‍යේදී සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.2 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 21 ක් වන වත්තිරයන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හදුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පලාලි, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.