එරක්කන්ඩි වෙරළ තීරයේදී අතහැර දමා ගොස් තිබූ ධිවර යාත්‍රාවක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 07) එරක්කන්ඩි වෙරළ තීරයේ අතහැර දමා ගොස් තිබූ ධීවර යාත්‍රාවක් සොයා ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් එරක්කන්ඩි වෙරළ තීරයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි අතහැර දමා ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී නාවික හමුදාව විසින් සිදු කළ වැඩිදුර විමර්ෂණ වලදි පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 118 ක් විදුලි නොවන ඩෙටනේටර් 02 ක්, ධීවර දැලක් සහ පිටත දහන යන්ත්‍රයක් සොයා ගැනීමට සමත්ව ඇත.

සොයා ගන්නා ලද ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, විදුලි නොවන ඩෙටනේටර්, ධීවර දැල, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි, පොලිසිය වෙත භාර දීමට කටයුත කරන ලදි.