කොහුබත් කාර්මාන්තශාලාවක ඇති වූ ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

පුත්තලම, කල්ලඩි ප්‍රදේශයේ පිහිටි කොහුබත් කාර්මාන්තශාලාවක අද (මැයි 08) හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්විම සඳහා නාවික හමුදා ගිණි නිවිමේ කණ්ඩායමක් සමත් විය. කොහුබත් කාර්මාන්තශාලාවේ හිමිකරු විසින් සිදුකළ දැනුම්දීමකට අනුව වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව එම ස්ථානය වෙත කඩිනමින් ගිනි නිවීමේ කණ්ඩායමක් යැවීමට කටයුකු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්ණි ආයතනයෙන් ගිණි නිවිමේ කණ්ඩායමක් ඇතුළුව ගිනි නිවීමේ රථයක් මෙන්ම වතුර බවුසර්යක් එම ගින්න නිවීමේ කටයුතු සඳහා අනුයුක්ත කෙ‍රිණි.

පුත්තලම සහ හලාවත නගර සභාවන්හි ගිනි නිවීමේ කණ්ඩායම් සමඟ එක්ව මහත් පරිශ්‍රමයක් දරමින් ඔවුන් එම කාර්මාන්තශාලාව පුරා ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීම‍ට සහාය දක්වන ලදී.