මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් අම්පාර, මහඔය ප්‍රදේශයේදී

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් ඊයේ (මැයි 08) අම්පාර, මහඔය අධ්‍යාපන කලාපය තුළ සාර්ථකව නිමාවට පත් වන ලදී.

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනට සමගාමිව නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු රාශියක් දිප ව්‍යාප්තව සංවිධානය කර ඇති අතර, මේවන විට අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් ආවරණය වන පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටි. ඒ අනුව අම්පාර, මහඔය අධ්‍යාපන කලාපයේ පාසල්හි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සහ ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා ගුරුවරුන් සහ පාසල් දු දරුවන් විශාල පිරිසක් සහභාගි වන ලදී.

මෙම වැඩමුළුව ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් සහ මනෝ විද්‍යා උපදේශන නිලධාරින් ඇතුළු නාවිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ප්‍රදේශයේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධනවල ක්‍රියාකාරි සාමාජිකයින් ද සිය දායකත්වය ලබා දෙන ලදි.