රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ භාර ගනී

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පසුගිය මැයි 04 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කරන ලදි.

ඒ අනුව, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (මැයි 09) උදෑසන නාවික හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ආගමික වතාවත් වලින් අනතුරුව පැවති චාම් උත්සවයකින් පසු එතුමා නව ධූරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය.

එම අවස්ථාව සඳහා එතුමන්ගේ දයාබර බිරිඳ, චන්දිමා වික්‍රමරත්න, දියණිය වන සමාධිනි මෙන්ම ආදරණිය පියාණන් ද සහභාගි වී සිටියහ.