ත්‍රිකුණාමලය, ඩච් බේ වෙරළ තීරයේදී සැක කටයුතු ධිවර යාත්‍රා 02 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 12) ත්‍රිකුණාමලය, ඩච් බේ වෙරළ තීරයේදී සැක කටයුතු ධීවර යාත්‍රා දෙකක් (02) සොයා ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, ඩච් බේ වෙරළ තීරයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි එකම ලියාපදිංචි අංකයට ඩිංගි යාත්‍රා දෙකක් (02) ඇති බව නිරික්‍ෂණය කර ඇති අතර, එම ධීවර යාත්‍රා දෙක නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. එහිදී පිටත දහන යන්ත්‍රයක් සහ ධීවර අම්පන්න කිහිපයක් ද සොයා ගෙන ඇත.

සොයා ගන්නා ලද ඩිංගි යාත්‍රා 02, පිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුත කරන ලදි.