නාවික හමුදාව වෙරුගල් ආරු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 11 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 13) ත්‍රිකුණාමලය, වෙරුගල් ආරු ප්‍රදේශයෙදී අඩි 75 දිගැති තහනම් ධීවර දැල් 11 සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ වෙරුගල් ආරු ප්‍රදේශයේ ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා මෙම තහනම් ධීවර දැල් තොගය සොයා ගෙන ඇති අතර, අදාල ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.