නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 15) ත්‍රිකුණාමලය, නොර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නොර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ව්‍යාජ ධීවර අවසරපත් භාවිතා කරමින් සහ නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් අවුරුදු 24 ත් 63 ත් අතර වයස් වල පසුවන ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ මිටර් 225 දිගැති තහනම් ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දේපාර්තමේන්තුව හරහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මෙවැනි තහනම් ධීවර දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර පරිසර පද්ධතිය විනාශ විමට ලක්වි ඇති බැවින්, ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල ඇති මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.