අනවසරයෙන් ගැලවූ කෝමාරිකා පැළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් නිලධාරින් එක්ව 2019 මැයි මස 18වන දින අනවසරයෙන් කෝමාරිකා පැළ ගලවා ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වන්කාලේ, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව වන්කාලේ, තෙත්බිම් රක්‍ෂිතය ප්‍රදේශයේ සිදු කල වැටලිමකදී එම රක්ෂිතයට අයත් කෝමාරිකා පැළ අනවසරයෙන් ගැලවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇති අතර. එහිදී මළු 18 ක අසුරා තිබූ කිලෝ ග්‍රෑම් 510 කට ආසන්න කෝමාරිකා පැළ තොගයක් හමුවී ඇත. මෙම කෝමාරිකා තොගය ලොරි රථයක් මඟින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 39 සහ 36 ක් වන මන්නාරම, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, කෝමාරිකා ‍පැළ තොගය සහ ලොරි රථය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වන්කාලේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

පරිසරය විනාශ කරනු ලබන මෙවැනි නීති විරෝධි කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටියි.