අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් එක්ව පසුගිය 2019 මැයි 21 වන දින මන්නාරම, දුම්රිය ස්ථානයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 923 ක් සමඟ යුවලක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකයට අනුයුක්ත නිලධාරීන් එක්ව මන්නාරම දුම්රිය ස්ථානයේ සිදු කළ සෝදිසි කිරීමකදී මෙම අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් යුවල අත්අඩංගුවට ගෙන ඇත. මෙම අයිස් මත්ද්‍රව්‍ය පාර්සල් දෙකක බහා දුම්රිය මඟින් කෙළඹ ප්‍රදේශයට ප්‍රවාහන කිරීමට සුදානම් කර තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් යුවල වසය අවුරුදු 23 ක් සහ 35 ක් වන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.