කේරළ ගංජා ග්‍රෑම් 760 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 21 වන දින දෙවුන්දර, වැල්ලමඩම ප්‍රදේශ‍යේදී සිදු කළ වැටලිමකදි කේරළ ගංජා ග්‍රෑම් 760 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව සිදු කළ වැටලිමකදි මෙම කේරළ ගංජා සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 26 සහ 34 ක් වන පිටබැද්දර සහ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මාතර, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.