ප්‍රංශයේ නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ප්‍රංශයේ නියෝජිතයින් පිරිසක් අද (මැයි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

ඒ අනුව ප්‍රංශයේ දේශසීමා පොලිසියේ මිනිස් ජාවාරම්වලට සම්බන්ධ ජාත්‍යාන්තර විමර්ශන මධ්‍යම කාර්යාලයේ ප්‍රධානී, කපිතාන් ‍ෆ්‍රේඩ්‍රික් පායෙන් සහ ප්‍රංශ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කොමාණ්ඩර් ෆිලිප් ගෘසන්මෙයාර් ඇතුළු ප්‍රංශයේ නියෝජිතයින් පිරිසක් අද නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී කපිතාන් ‍ෆ්‍රේඩ්‍රික් පායෙන් සහ ලුතිනන් කොමාණ්ඩර් ෆිලිප් ගෘසන්මෙයාර් නාවික හමුදාධිපතිතුමා හමුවි ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලදි.

අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ පිහිටි ප්‍රධාන මෙහෙයුම් මැදිරිය සම්බන්ධයෙන් සහ නාවික හමුදා කාර්යභාර්ය පිළිබඳව ප්‍රංශයේ නියෝජිතයින් පිරිස දැනුවත් කිරීම නාවික හමුදා මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදි නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල සහ අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් සහභාගිවි සිටියහ. තවද, එම අවස්ථාවන් සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමා විසින් නියෝජිත කණ්ඩයාම් ප්‍රධානී හට සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරුණි.