කේරළ ගංජා කිලෝග්‍රෑම් 142.812 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව අද (මැයි 22) මැදවච්චිය, මාර්ග බාධකයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 142.812 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව මැදවච්චිය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ යොදා ඇති මාර්ග බාධකයේදී නාවික හමුදාව විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව මෝටර් රථයක් පරික්‍ෂා කර ඇති අතර, එහි තුල තිබි මෙම කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් අත්අඩංගුවට ‍ගෙන ඇත. ඒවා පාර්සල් 66 බහා තිබි හමුවි ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් 50 වන වියෙහි පසුවන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මැදවච්චිය, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

a