ශ්‍රී ලංකාවේ ඉන්දියනු ආරක්‍ෂක උපදේශක උතුරු ප්‍රදේශභාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ 2019 මැයි 19 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

එහිදී ඔවුන් 2019 මැයි 24 සහ 25 යන දෙදින පැවැත්විමට නියමිත අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධව සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු බන්දුල සේනාරත්න ද සහභාගී විය.