වලංගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ ‍මන්නාරම පොලිසිය එක්ව අද (මැයි 23) සිදු කළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නාවික හමුදාව හා පොලිසිය එක්ව මන්නාරම, තාරපුරම් හන්දියේ යොදා ඇති මාර්ග බාධකය අසලදි කැබ් රථයක් පරික්‍ෂා කර ඇති අතර, එහිදී හක් බෙල්ලන් 2500 ක් සමඟ පුද්ග‍ලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම හක් බෙල්ලන් තොගය පේසාලේ සිට මන්නරම දක්වා ප්‍රවාහනය කරමින් තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 50 ක් වන මන්නරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, හක් බෙල්ලන් තොගය සහ කැබ් රථය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දිමට කටයුතු කරන ලදි.

a