නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 23 වන දින ත්‍රිකුණාමලය, කන්දල්කාඩු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරින් බලඝණයට අයත් නාවිකයින් විසින් ත්‍රිකුණාමලය, කන්දල්කාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ලෝරි රථ 04 ක් සහ වැලි කියුබ් 06 ක් නාවික හමුදාභාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින්, ලෝරි රථ සහ වැලි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුතූර් පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී වැලි ගොඩදැමීම හේතුවෙන් සිදුවන පරිසර හානිය වැලැක්වීම සඳහා නීති විරෝධී ලෙස ගොඩදැමූ වැලි ප්‍රවාහන කරනු ලබන වැලි ජාවාරම්කරුවන් නීතියේ රැහනට හසුකර ගැනීමට නාවික හමුදාව නිරන්තර වැටලිම් සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු අතර, එමඟින් පරිසරය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තියට දායකවීම නාවික හමුදාව අපේක්‍ෂා කරයි.