තවත් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් අනුරාධපුරය, රාජාංගනය ප්‍රදේශයේ පිහිටි සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථාන‍යේදී අද (මැයි 24) ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, කපිතාන් (සංඥා) ජානක නිස්සංක ගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණි.‍

එම අවස්ථාව සඳහා භාවනා මධ්‍යස්ථානයේ මෙහෙණින් වහන්සේලා, පරිපාලන නිලධාරි (ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ව්‍යාපෘතිය), ලුතිනන් අසංක නවරත්න සහ ප්‍ර‍දේශයේ ග්‍රාම නිලධාරි, නාවිකයින් ඇතුළුව ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ඒ අනුව මෙම ජල පිරිපහදු යන්ත්‍රය මඟින් ප්‍රදේශයේ පවුල් 400 කට පමණ පානීය ජල අවශ්‍යතා සපුරාදිමට මෙන්ම පුද බිම වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලිමට අපේක්‍ෂා කෙරේ.

වකුගඩු රෝගයෙන් පීඩා විදින ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ලීම පෙරදැරි කර ගනිමින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උදාර සංකල්පයකට අනුව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ සහ විවිධ දානපතීන් ගේ මුල්‍ය දායකත්වය මත නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කර ගනිමින්, මේවන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක ජල පිරිපහදු යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව, ඉදිරියේදී ද වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙවැනිම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටී.

a