පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 24 වන දින තලෙයිමන්නාරම, පියර්ගම වෙරළ තීරයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා 35 වන වියෙහි පසුවන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

එහිදී, පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 270 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අල්ලන ලද මසුන් තොගය සහ පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, සහාකර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරුණි.

තවද, පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය වැලැක්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.