අරිසිමලේ ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 24 වන දින අරිසිමලේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අරිසිමලේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ දුව්‍ය කිහිපයක් මෙලෙස සොයාගෙන ඇත. එහිදී, හෑන්ඩ් පැරා 01 ක්, වෝටර් ජෙල් කූරු භාගයක්, විදුලි නොවන ඩෙටනේටර් 10 ක් සහ ආරක‍්‍ෂිත වෙඩි නූල් 14 ක්, චාර්ඡස් 02 ක් ද සොයා ගෙන ඇති අතර, එම පුපුරණ ද්‍රව්‍ය කිහිපය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා පුල්මුඩේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.