යාපනය, පුවරසන්තිව් දුපතේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 24 වන දින යාපනය, පුවරසන්තිව් දූපතේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුවරසන්තිව් දූපතේ වයඹ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ දුව්‍ය කිහිපයක් මෙලෙස සොයාගෙන ඇත. එහිදී, ටීඑන්ටී පුපුරණ ද්‍රව්‍ය සහ සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.7 ක් සහ විදුලි නොවන ඩෙටනේටර් 05 ක් සොයා ගෙන ඇති අතර, එම පුපුරණ ද්‍රව්‍ය ආරක්‍ෂිතව නාවික හමුදා භාරයේ තබා ඇත.