නාවික හමුදාව එරක්කන්ඩි වෙරළ තීරයේදී මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර දැලක් සමඟ ධීවර යාත්‍රාවක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 25 වන දින එරක්කන්ඩි වෙරළ තීරයේදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟින් ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි අතහැර දමා ගොස් හිමිකරුවෙකු නොමැති ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී නාවික හමුදාව විසින් සිදු කළ වැඩිදුර විමර්ෂණ වලදි නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක්, වෝටර් ජෙල් කූරු 01 ක්, මසුන් කිලෝගෑම් 43 ක් සහ පිටත දහන යන්ත්‍රයක් සොයා ගැනීමට සමත්ව ඇත.

සොයා ගන්නා ලද ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, ධීවර දැල, වෝටර් ජෙල් කූර, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුත කරන ලදි.