ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ ඉදිකරන ලද නාවික විවාහක නිවාස දෙකක් විවෘත කෙරේ

ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ ඉදි කරන ලද නාවික විවාහක නිවාස දෙකක් (02) 2019 මැයි 25 වන දින නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ගේ අතින් විවෘත කරන ලදී.

නාවික තඨාකාංගණයේ පිහිටි පැරණි ගොඩනැගිලි දෙකක් ප්‍රතිසංස්කරණය කර ‘Waterloo 1’ සහ ‘Waterloo 2’ වශයෙන් නම් කර විවාහක කණිෂ්ඨ නාවිකයින් දෙදෙනෙකු හට භාරදිම මෙලෙස අද සිදු කෙරුණි. තවද එම අවස්ථාව සනිටුහන් කරමින් ආඥාපතිතුමන් විසින් නාවික විවාහක නිවාස දෙක භාර ගත් නාවිකයන් හට ත්‍යාග ප්‍රදානයක් ද සිදු කරන ලදි. නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වය මත මෙම නාවික විවාහක නිවාස දෙක ප්‍රතිසංස්කරණය කරන ලදී.

මෙම අවස්ථාව සදහා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු උපුල් ද සිල්වා, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, නාවිකයින් මෙන්ම නිවාස හිමි නාවිකයින්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගිවි සිටියහ.


‘Waterloo 1’ married quarters


‘Waterloo 2’ married quarters