කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 26) මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද උදයපුරම් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ, පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

එමෙන්ම 2019 මැයි 25 වන දින ද උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් වෙත්තල‍කර්නි වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍ර‍දේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 233 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) ද අත්අඩංගුවට ගෙන ඇත.