වැදගත් සිදුවීම්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 26) මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

26 May 2019

ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ ඉදිකරන ලද නාවික විවාහක නිවාස දෙකක් විවෘත කෙරේ

ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ ඉදි කරන ලද නාවික විවාහක නිවාස දෙකක් (02) 2019 මැයි 25 වන දින නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ගේ අතින් විවෘත කරන ලදී.

26 May 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 25 වන දින වලල්තොඩ්ඩම් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) අත්අඩංගුවට ගෙන ඇත.

26 May 2019

නාවික හමුදාව එරක්කන්ඩි වෙරළ තීරයේදී මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර දැලක් සමඟ ධීවර යාත්‍රාවක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 25 වන දින එරක්කන්ඩි වෙරළ තීරයේදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟින් ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇත.

26 May 2019