නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් පිරිසක් එක්ව 2019 මැයි 27 වන දින සිදුකළ සෝදිසි මේහෙයුමකදී නීති විරෝධී දුම්වැටි පැකට් 08 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ යාපනය, පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් නිලධාරීන් පිරිසක් එක්ව උදයපුරම් ගම්මානයේ සිදුකළ සෝදිසි මේහෙයුමකදී මෙම නීති විරෝධි දුම්වැටි අලෙවි කරමින් සිටි පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබී දුම්වැටි පැකට් 08 ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 34 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ නීති විරෝධී දුම්වැටි තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු යාපනය, පොලීසිය විසින් සිදු කරනු ලබයි.