අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ

නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2018 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (මැයි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට නාවික පර්යේෂණ අංශයේ ප්‍රධානී කපිතාන් ප්‍රසාද් කාරියප්පෙරුම ඇතුළු කාර්යමන්ඩලය සහභාගී වූ අතර, ප්‍රථම ස්ථානය සඳහා රු. 100,000.00 ක්, දෙවන ස්ථානය සඳහා රු. 75,000.00 ක මුදලක් සහ තෙවන ස්ථානය සඳහා රු. 50,000.00 ක මුදලක් ප්‍රදානය කරන ලදි. ඒ අනුව අංශ තුනක් යටතේ පැවැත්වූ තරඟාවලියේදී මතු සඳහන් නිලධාරීන් සහ නාවිකයන් ජයග්‍රහණ හිමි කර ගන්නා ලදී.


කොමාණ්ඩර් නිලයෙන් ඉහළ නිලධාරීන් සඳහා වූ අංශය

ප්‍රථම ස්ථානය - කොමදෝරු කේඑම්එම්පී කරුණාතිලක එන්ආර්එල් 0648

දෙවන ස්ථානය - කපිතාන්(මාලිමා) එන් රණසිංහ එන්ආර්එක්ස් 0910

තෙවන ස්ථානය - කොමාණ්ඩර්(මාලිමා) එච්ඒසී ප්‍රියන්ත එන්ආර්එක්ස් 1046


ලුතිනන් කොමාණ්ඩර් හා ඉන් පහළ නිලධාරීන් සඳහා වූ අංශය

ප්‍රථම ස්ථානය - ලුති. කොමාණ්ඩර් (අවි) ඩීඩීකේ දයානන්ද එන්ආර්එක්ස් 1884

දෙවන ස්ථානය - ලුති. කොමාණ්ඩර් (සංඥා)ඩීඑම්එස් ජයතිලක එන්ආර්එක්ස් 1848

තෙවන ස්ථානය - ලුති.කොමාණ්ඩර් (මාලිමා) ජේඒඩීආර්ටී ජයසුරිය එන්ආර්එක්ස් 1724


නාවිකයන් සඳහා වූ තරඟාවලිය

ප්‍රථම ස්ථානය - සුළු නිලධාරි පීඑච්එච්පී අරුණසිරි එක්ස්සී 35712

දෙවන ස්ථානය - බල නැවි පීජීඑස් සෙනෙවිරත්න එක්ස්එස් 86904

තෙවන ස්ථානය - නා/තොරතුරු තාක්‍ෂණ සීඑල් රාජපක්‍ෂ අයිටී 49480

නාවික පුද්ගලයන්ගේ කියවීමේ, ලිවීමේ හා පර්යේෂණ ආශ්‍රිත දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙම රචනා තරඟාවලිය ආරම්භ ‍කෙරුණු අතර, අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු මහතාට කෙරෙන ගෞරවයක් වශයෙන් 2015 වර්ෂයේ සිට ‘අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු රචනා තරඟාවලිය’ ලෙස නම් කර එය සෑම වසරකම පැවැත්විමට කටයුතු කරනු ලබන අතර, මෙම සියළුම ජයග්‍රාහී රචනාවන් 2019 අර්ධවාර්ශික නාවික ජර්නලයේ පළ කිරීමට කටයුතු කරනු ලැබේ


කොමාණ්ඩර් නිලයෙන් ඉහළ නිලධාරීන් සඳහා වූ අංශය


ලුතිනන් කොමාණ්ඩර් හා ඉන් පහළ නිලධාරීන් සඳහා වූ අංශය


නාවිකයන් සඳහා වූ තරඟාවලිය