ගංජා කිලෝග්‍රෑම් 2.35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්ව 2019 මැයි 30 වන දින කණුකෙටිය, හුංගම ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 2.35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පට්ටියපොල පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව කණුකෙටිය ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී මොටර් රථයක් මඟින් මෙම ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයින් වයස අවුරුදු 56 සහ 31 වියෙහි පසුවන හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින්, ගංජා තොගය සහ මොටර් රථය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා හුංගම, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.